Parakumba | පැරකුම්බා – Buddhika Athauda

399
SHARES
2.3k
VIEWS

පැරකුම්බා වළගම්බා පඬුඅබා

ගැමුණු විජයබා ගජබා පසු නොබා

දෙදරා නොයන විලස

සපුරා නෙලුම් විලක

සිරියෙන් රටම හැඩකළා


අහස පොලොව සිනා සලන

වැව් දාගැබ් දසත පෙනෙන

ලෝකෙ උතුම් රටයි මගේ මව්බිම ලංකා

සමනොළ ගිරි සිරස වඳින

සිව් මහ ගංඟා හිනැහෙන

ලෝකෙ උතුම් රටයි මගේ පෙම්බර ලංකා


අව්කන මහ බුදු පිළිමේ

සීගිරි රූ සිරි වරුණේ

ලෝකෙ උතුම් රටයි මගේ සුන්දර ලංකා

සිරිමහ බෝ රැකවරණේ

දළදා හිමි තුන් සරණේ

ලෝකෙ උතුම් රටයි මගේ පින්බිම ලංකා


 

ගායනය – බුද්ධික අතාවුද

ගී පද – රඹුකන සිද්ධාර්ථ හිමි

තනුව හා සංගීතය – බුද්ධික අතාවුද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *